suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Friday, November 29, 2013
මගේ පැතුම
කලකට පසුව මම පන්සල දිහා ගියා
ඔබ ගැන සිතා පහනක් මම පත්තු කලා
ඔබෙ ගැන සිතා මල් ටිකකුත් පුජා කලා
ඔබෙ සැප පතා ඔබටම පින් පූජා කලා
-the sudu-
මූසල හැගුම්
ගිගුරුම් හඩින් මහ වැසි අද වැටෙන විට
උණුහුම පතා යහනට පිය නැගුවා මම
මූසල හැගුම් සේනාවක් කරන් වට
නිදියන තුරුම හොදටම තඩි බෑවා මට
-the sudu-
Thursday, November 28, 2013
දෙකම එකයි
කවි ලියන්න බෑලු යාළු හොද සිහියෙන්
කවි ලියන්නේ බොහො ඈයො අව සිහියෙන්
පෙම් කරන්න උඹට හැකිද හොද සිහියෙන්
පෙම් කරනා සැවොම ඉන්නේ අව සිහියෙන්
-the sudu-
අහිමි ඔයා
කවි සිත බොළද වෙලා
ගත නෙත දරුණු වෙලා
දුටු විට අහිමි ඔයා
හැඩවෙයි කදුළු ගලා
-the sudu-
කොහෙද ඔයා
ඔබ ගැන සිහිවෙනා
හැම මොහොතෙම පවා
කදුලු මගෙ නෙත් වසා
සොයයි ඔබ කොයි කියා
Wednesday, November 27, 2013
විරහවේ රසය
විරහ දුක නැතුව
ආදරය ගැනම
කවි ලියනු බැරිද?
අහයි දැන් සැවොම
විදවපන් මිතුර
එක වරක් හොදට
දැනෙයි බොට එවිට
විරහවේ රසය
-the sudu-
ඉවසන් ඉදින්
ලියපු කවි ටික හිත අස්සේ සගවලා
ඉදිමි මින් පසු මා ඔබෙන් සැගවිලා
දිනෙක එන්නම් ඔබ සොයා පියඹලා
එතෙක් ඉදපන් සිත් තුටින් හිනැහිලා
-the sudu-
නොලීව හේතුව
සදේ වරුණ ගැන මම කවි ලීවාට
සුළගේ පහස ගැන සිතුවිලි ආවාට
ඔබේ වරුණ ගැන කවියල් නාවාට
නෙතගේ බැල්ම ඇත සොදුරියෙ හැමදාට
-the sudu-
නෙතින් කියවුනු ආදරේ
හැමදමත් ඔබ යනවිට මදෙස බලා
මගේ හිතේ පුන්චි හැගුම් පුබුදු වුනා
ඊයේ උදේ ඇයි ගියේ නුඹ අහක බලා
එවෙලේ ඉදන් මගේ හදවත නතර වෙලා
-the sudu-
සිතේ සතුට
නැති නිසා ලග මගේ
කදුළු එයි නෙතු දිගේ
ඉන්න ලග පෙර වගේ
එයයි සැප මගේ ලොවේ
-the sudu-
ආයාචනා
යළිත් ඔබ මා සොයා
නො එනු ඇත මා කරා
වරක් මා දෙස බලා
වෙන්න මා හා සිනා
-the sudu-
Tuesday, November 26, 2013
WHITEu SKINu GIRLu - GIRLu HEARTu BLACKu
සුදට සුදේ දිලුනත් අර පේන සද
හදවත කළුයි කියලා කීවානේ ඉර
තිබුනත් කාට මතුපිට ඇති හමේ සුද
ලොකේ කොහෙන් සොයම්ද හදවතේ සුද
මම(ත්) වැරදි
සොදුරියෙ මතකද දවසක් අපි හිටියා වී තුරුළු
පෙම් බස් තෙපලුවා විලසට ජොඩුවක් කුරුළු
කල වැරද්දටමට මේ තරමට නපුරු
වීලා බැන වැදුනේ ඇයි දැයි මට කියනු
-the sudu-
NOGHTY සද
අන්න මචන් බලපන් අර ඈත සද
ඇහැක් ගැහුවා වාගේ පෙනුනානේ මට
ඉර දැක්කොත් හොද නෑනෙ මචන් මට
සදට වඩා ලොකුයි මට මගේ යාළු කම
ඉරට හොරෙන් සද මේ කරනා වැරදි
දැක්කත් නොදැක්කා වගේ හිටපන්කො සකි
දැකපු වෙලේ සද කල එක එක වැරදි
හිතුනා මටත් මේ හද නම් හරි NOGHTY
-the sudu-
Sunday, November 10, 2013
සීතලේ තනිවෙලා
කදුළු එක දෙක ඔහේ වැටුනට පුන්චි මගේ දෙනෙතින්
නො එන නුඹගේ සොදුරු මතකය නොයනු ඇත මතකින්
සීත සුළගින් ගත වෙලාගෙන රිදුම් දෙයි හදකින්
අනේ නුඹවත් සිටියා නම් ලග සීත නෑ මෙලෙසින්
-the sudu-
Friday, November 8, 2013
වෙච්චි වැරැද්ද
ලියන්නට බැරි වුනත් කවි තොට
හිතේ ඇත මහ ගොඩක් කවි පද
ලියපු කවි වල නැතයි එළි වැට
කියා නුඹ දුර ගියා රහසෙම
-the sudu-
හිත පිරිලා
නුඹේ නාමෙන් සොදුරු කවි පද - සිතේ අස්සක සැගවිලා
වරක් වත් හමු වුනොත් නුඹ මට - පැලෙයි හදවත ගැස්සිලා
-the sudu-
කවි උනන හෙතුව
නෙතට කදුලැලි උන්න හැම විට
නුඹේ වත මට මැවෙයි දස අත
බොදවු එ රූපයෙන් සුන්දර
සිතට එයි පද රැසක් මනහර
-
-the sudu-
කොහෙද ඔබ
ඔබ ගැන සිහිවෙනා
හැම මොහොතෙම පවා
කදුලු මගෙ නෙත් වසා
සොයයි ඔබ කොයි කියා
-the sudu-
ඇයි ගියේ නුබ මගෙන් වෙන්වෙලා??
දරන්නට බැරි දුක හද පතුලේ සැගවිලා
කියාගන්න බැරි දුක නිසා මුව ගොළුවෙලා
නිදාගන්න බෑ තවම නුබ ලගින් නැති නිසා
කියාදෙන්න ඇයි ගියේ නුබ මගෙන් වෙන්වෙලා
-the sudu-
ඇගේ අහිමි සෙනෙහස
සිතට තනිකම දැනෙන හැම විට
කදුළු ගිලිහෙයි නෙතින් එක දෙක
නැතිව ඔබගේ සොදුරු සෙනෙහස
ඉන්න බෑ මට කියයි හදවත
-the sudu-
උමතු ආදරය
අහසේ දිළෙන්නේ සද මෙන් ඔබෙ වතදො
සයුරේ ගිලෙන්නේ හිරු මෙන් ඔබෙ රුවදො
තරු මෙන් දිළෙන්නේ ඔබේ ඔය ඇස් දෙකදො
සැම තැන පෙනෙන්නේ සොදුරියේ ඒ ඔබදො
-the sudu-
තනිකම
සදළු තලය පසු කර එන සුළන් පොද
ගෙන එන්නේ ඇගේ සුවදයි වගේ අද
අනේ මචන් මගේ යාළු සුළන් පොද
කියපන් බන් මට පාළුයි නැතුව ඇය
-the sudu-
Thursday, November 7, 2013
කදුළුත් හිනැහේවි මට
දිනක ඔබ හමුවේවි
මා සමග හිනැහෙවි
දරන්නට බැරි වෙවි
කදුළු මට හිනැහේවි
-the sudu-
ඔබයි දෙවි මගේ ලොවේ..
පිරිමියෙක් ඇත ලොවේ
නැත අන් කිසිවෙකු වගේ..
නොපෙන්නුවාට ආදරේ
දනිමි ඊට පරදයි මහා සාගරේ..
බැරි වුනත් මේ භවේ
ගෙවමි ණය ඊලග භවේ..
ආදර තාත්තේ
ඔබයි දෙවි මගේ ලොවේ..
-the sudu-
පසුතැවිම
ගතින් නුඹ ලග නොසිටියත් මම
සිතින් තවමත් ප්‍රෙම බදිමි..
සිතින් විදිමින් එදා මතකය
මුවට සුන්දර සිනා නගමි..
අනේ දවසක් හිටියා නම් ලග
කියල සිතෙනව නොයෙක් විටදී..
අනේ අම්මප හිටියා නම් ලග
බදාගෙන ඔබෙ දෙතොල සිබිමි..
-the sudu-
තනිකඩයා දුටු ප්‍රේමය
නොදනි ඔබ තවම
පෙමක ඇති මහිම
පුදා මුළු හිතම
විදවපන් හොදට
-the sudu-
හීනයක්
රැයක ඔබ හමුවෙලා
මගේ ආලය පැවසුවා
ඔබ අතින් මුළු වෙර දමා
ගහපු පාරට ඇහැරුනා
-the sudu-
හනේ මන්දා
සුදට සුදේ දිලුනත් ඔය පේන සද
හදවත කළුයි කියලා කීවානේ ඉර
තිබුනත් කාට මතුපිට ඇති හමේ සුද
ලොකේ කොහොම සොයම්ද හදවතේ සුද
-the sudu-
හිතට දැනුනු පෙම
දහසක් බධා තිබුනත් අප ආලයට
පණැ මෙන් ආදරේ මම ඔබේ නෙත් 2ට
ලොකය මොනව කියුවත් අප ප්‍රේමයට
එනවා සත්තකයි ඔය හද අද්දරට
-the sudu-
මගේ ලොවේ එළිය ඔබයි
මම රැයක් - ඔබ සදක්
එළිය කරයි - ඔබ ලොවක්
මම සදක් - ඔබ ඉරක්
එළිය කරයි - මගේ ලොවක්
-the sudu-
මුල්ම කවිය
මටත් වඩා මගේ සෙනෙහස ඔබ වෙනුවෙන් පිදු ඒ දින
තවමත් මට අමතක නෑ අදරේ ඔබ හට කියු දින
සතුටින් ආදරේ පිළිගෙන මගේ ලොවට ලන් වු ඔබ
සමුගෙන ගිය වග මාගෙන් අදහනු බෑ තාමත් මට
-the sudu-
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)