suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Friday, November 29, 2013

මගේ පැතුම

කලකට පසුව මම පන්සල දිහා              ගියා
ඔබ ගැන සිතා පහනක් මම පත්තු          කලා
ඔබෙ ගැන සිතා මල් ටිකකුත් පුජා         කලා
ඔබෙ සැප පතා ඔබටම පින් පූජා           කලා


-the sudu-


මූසල හැගුම්

ගිගුරුම් හඩින් මහ වැසි අද වැටෙන                 විට
උණුහුම පතා යහනට පිය නැගුවා                    මම
මූසල හැගුම් සේනාවක් කරන්                          වට
නිදියන තුරුම හොදටම තඩි බෑවා                    මට

-the sudu-




Thursday, November 28, 2013

දෙකම එකයි

කවි ලියන්න බෑලු යාළු හොද                    සිහියෙන්
කවි ලියන්නේ බොහො ඈයො අව           සිහියෙන්
පෙම් කරන්න උඹට හැකිද හොද               සිහියෙන්
පෙම් කරනා සැවොම ඉන්නේ අව            සිහියෙන්

-the sudu-




අහිමි ඔයා

කවි සිත බොළද            වෙලා
ගත නෙත දරුණු           වෙලා
දුටු විට අහිමි                   ඔයා
හැඩවෙයි කදුළු               ගලා

-the sudu-



කොහෙද ඔයා

ඔබ ගැන                      සිහිවෙනා
හැම මොහොතෙම                පවා
කදුලු මගෙ නෙත්                 වසා
සොයයි ඔබ කොයි               කියා


Wednesday, November 27, 2013

විරහවේ රසය

විරහ දුක නැතුව
ආදරය ගැනම
කවි ලියනු බැරිද?
අහයි දැන් සැවොම

විදවපන් මිතුර
එක වරක් හොදට
දැනෙයි බොට එවිට
විරහවේ රසය

-the sudu-


ඉවසන් ඉදින්

ලියපු කවි ටික හිත අස්සේ               සගවලා
ඉදිමි මින් පසු මා ඔබෙන්              සැගවිලා
දිනෙක එන්නම් ඔබ සොයා            පියඹලා
එතෙක් ඉදපන් සිත් තුටින්            හිනැහිලා

-the sudu-